Skip to content

CHRISH CAKES & ACADEMY

Chrish Cakes & Academy අප ආයතනය තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ (TVEC) ලියාපදිංචි ආයතනයක් වන අතර සෑම ප්‍රධාන පාඨමාලාවක් අවසානයේම රජයේ අනුමත, ජාත්‍යන්තරව පිළිගත් සහතිකයක් ලබා දේ. එමගින් පිටරට යාමට, මෙරට රැකියාවකට යාමට හෝ ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම සදහා යොදා ගත හැක. අප ආයතනය, කුරුණෑගල බස් නැවතුම් පලේ සිට මීටර් 200 දුරින් (විනාඩි 2ක දුර) කොළඹ පාරේ, රජපිහිල්ල මාවතේ අපගේම ගොඩනැගිල්ලක ආයතනය පවත්වාගෙන යනු ලබනවා අප ආයතනය, ප්‍රධාන වශයෙන් කේක්, අයිසින් මල් හා බේකරි පාඨමාලා පවත්වාගන යනු ලබනවා වයඹ පළාතේ කේක් හදන, කේක් ව්යාපාර කරන ළමුන්ගෙන් 75% ම Chrish Cakes & Academy අප ආයතනයේ ළමුන්. එයට හේතුව තමයි වයඹ පළාතේ හොදම කේක් පාසල අප ආයතනය වීමයි.

ඉතින් කේක් කලාව කියන්න පුරණ කාලින රැකියාවක් ලෙස හෝ තමන්ගේම ව්යාපාරයක් ලෙස ඉතා වැඩි අදායමක් ලබා ගන්න පුළුවන් කලාවක්, ඔබට පහසුවෙන්ම රුපියල් ලක්ෂයකට වඩා අදායමක් පහසුවෙන්ම හොයාගන්න පුළුවන්, ඒකට උදාහරණ ඕන තරම් මේ වයඹ පළාතේ අපෙන් ඉගෙන ගෙන කේක් ව්යාපාර සාර්ථක ලෙස කරන ළමුන් දිහා බැලුවොත් ඔයාලටම බලාගන්න පුළුවන්.

අපගේ පාඨමාලා හදාරන්න කිසිම වයස් පරතරයක් නෑ. ඒ සදහා ඕනෑම කෙනෙකුට සහභාගී විය හැකියි, ඒ වගේම කේක් කලාව හරියට ඉගෙන ගෙන තමන්ගේම ව්යාපාරයක් පටන් ගැනීම තුලින් ඔබට ඔබගේ ජීවිතය පහසුවෙන් ජය ගැනීමට හැකි වෙනවා. එන්න ඒ සියලු දේ අපි කියලා දෙනවා.
ඒ වගේම අපගේ පාඨමාලා සියල්ලේම අන්තර්ගතයන් නිතරම ලෝකයේ අලුත්වන ක්‍රමවේදයන්ට ගැලපෙන්න යාවත්කාලින කරන නිසා අලුත් වන හැම දේම ඔයාලට ඉගෙන ගන්න පුළුවන්

අපේ පාඨමාලා Teacher වැඩ කරලා පෙන්වන ළමයි බලන් ඉන්න පාඨමාලාවන් නම් නෙමෙයි, ළමයි හැමෝම තනි තනියෙන් වැඩ කරවන ප්‍රයෝගික පාඨමාලාවන්. ඒ වගේම ඔබ පාඨමාලාව අවසන් කර ගිය පසුත් ඔබගේ පසුපසින් සිට ඔබට ඉදිරියට යාමට අවශ්‍ය සියලුම දැනුම හා උපදෙස් ඔබට ලබා දෙමින් ඔබව ඉදිරියට ගෙන යාමට අප කටයුතු කරනු ලබනවා. ඒක නිසා දෙපාරක් හිතන්න එපා, ඔබ හොදම තැන තමා තෝරාගෙන තියෙන්නේ. අලුත් බලාපොරොත්තුත් අරගෙන එන්න, අපි ජීවිතය ජය ගමු.

අප ආයතනය මගින් දැනට සිසුවියන් 2500 අදික ප්‍රමාණයකට දැනුම ලබා දී ඇති අතර ඔවුන්ගෙන් බහුතරයක් සාර්ථක කේක් ව්‍යාපාර වල නිරත වෙමින් ජීවිතය සාර්ථක කරගෙන ඉදිරියටම යමින් පවතින අතර අනිත් සිසුන් කේක් හා අයිසින් කලාව ගැන මනා දැනුමක් ඇති ගෘහනියන් බවට පත් වී ඇත. Chrisenta Nirmaly ප්‍රධාන ගුරුතුමිය සමග ඉතාම සුහදශීලි ගුරුවරියන් පිරිසක් අප ආයතනය සතු වේ. ඩෙස් බංකු වලට පමණක් කොටු නොකර නිදහසේ ආසාවෙන් ඉගෙන ගැනීමට හැකි වන පරිදි ඉතා අලංකාරවත්ව සැකසු නවීන පහසුකම් සහිත වායුසමීකරණය කල පන්ති කාමරයක් තුලදී ඉගැන්වීම් කටයුතු සිදු කෙරේ.
.
ඔබටත් අප ආයතනය හා එක් වී මෙම පාඨමාලා හැදෑරීමට අවශ්‍ය නම් මීලග පාඨමාලා කණ්ඩායම් සදහා අදම ලියාපදිංචි වී ඔබගේ ආසනය වෙන් කරවා ගන්න. ස්තුතියි!

Back To Top